අපේ ප්‍රාන්ත කණ්ඩායමක් පහසුවෙන් ඔවුන් පරද්දාවී” බුවනේෂ්වර් කුමාර් ශ්‍රී ලංකාව පහත් කරයි .!

ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් පසුගිය දකුණු අප්‍රිකා සංචාරය , එලබෙන නිදහස් කුසලානය සහ අනාගත ඉලක්ක පිළිබඳව ටයිම්ස් ඔෆ් ඉන්දියා සමඟින් පැවති හමුවකදී අදහස් දක්වා ඇත. අවසාන වශයෙන් පැවති T20 තරඟාවලියේ වීරයා බවට පත් වුනේද බුවනේශ්වර් වන අතර ඔහු පවසා ඇත්තේ මීළඟට දකුණු අප්‍රිකාවට ගොස් ටෙස්ට් තරඟාවලියද සමඟ සම්පුර්ණ සුද්දයක් ලබා දීම තම කණ්ඩායමේ අපේක්ෂාව බවය.

“අපි ටෙස්ට් තරඟාවලිය 2-1 විදියට පැරදුනා තමයි ,හැබැයි ඊට පස්සේ එක්දින තරඟාවලිය 5-1 විදියටත් T20 තරඟාවලිය 2-1 විදියටත් අපි දිනුවා.මම හිතන්නේ ඊළඟ පාර අපි යන්න ඕන ටෙස්ට් තරඟාවලියත් එක්කම දිනලා එන්න.”

නමුත් ඉන්දියාව මෙලෙස තරඟාවලි ජයග්‍රහණ ලබා ගත්තේ,ඩේල් ස්ටේන්,AB ඩිවිලියස්,ෆැට් ඩුප්ලේසි,කුයින්ටීන් ඩි කොක් වැනි දකුණු අප්‍රිකා ප්‍රබල ක්‍රීඩකයන් නොමැති කණ්ඩායමක් සමඟ වන නිසා පුර්ණ තරඟාවලි ජයක් ලබා ගන්නට නම් ඉන්දියාවට තව මහන්සි වන්නට සිදු වනු ඇත.

“අපි ටෙස්ට් තරඟාවලියේ පැරදුන තරඟවලත් දිනන්න ආසන්නයටම ගියා, අන්තිම තරඟය විතරයි දිනන්න පුළුවන් වුනේ.කොහොම හරි මට කියන්න පුළුවන් දැන් අපි සුදානම් එංගලන්තයටයි ,ඔස්ට්‍රේලියාවටයි ගිහින් ඔවුන්ගේම රටේදී ඔවුන් පරාජය කරන්න.”

ශ්‍රී ලංකාව සමග නිදහස් කුසලානයද පහසුවෙන් ජය ගන්නා බවට බුවනේෂ්වර් කුමාර් පුරසාරම් දොඩා තිබේ. “ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කියන්නේ දුර්වල කණ්ඩායම්, ඉන්දියාවෙ ක්‍රිකට් දැන් තියෙන තැන අනුව අපේ ප්‍රාන්ත කණ්ඩායමක් පහසුවෙන් ඔවුන් පරද්දාවී”

T20 තරඟවල සාර්ථක වීමට තමාගේ පන්දු වල තිබෙන විවිදත්වය ලොකු හේතුවක් වන බවද කුමාර් පවසා ඇත.”ඇත්තටම T20 තරඟවල පොඩි වරදක් කලත් ලොකු අවාසියක් වෙනවා,එක හතරේ පහරක් හයේ පහරක් වැදුනම අපි ඉක්මනට හැඩගැහෙන්න ඕන ඉතුරු ටිකට. මගේ සාර්ථකත්වයට හේතුව තමයි මගේ පන්දු වල තියන විවිදත්වය,මගේ නකල් පන්දුව මම දාන්නේ පිතිකරුවන්ට ලොකු පහරක් ගහන්න පුළුවන් තැනකට,ඒ පන්දුවට ලොකු පහරක් ගහනවා කියන්නේ පිතිකරුවෝ අහු වෙනවා,”

කුමාර් වැඩි දුරටත් පවසා ඇත්තේ පිතිකරනයෙදී මෙන්ම පන්දු යැවීමේදීද ඉන්දීය කණ්ඩායම සතු වන හොඳ සම්බන්දතාවයන් ඉන්දීය ජයග්‍රහණ පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *