රහස් අංකය නොදන්නා ATM කාඩ් පතක් ගෙන එය ATM යන්ත්‍රයට් දාමා මුදල් වංචා කරන අලුත්ම trend එක

ATM යන්ත්‍ර වලින් මුදල් සොරකම් කිරීමේ විවිධ රහස් කූට උපක්‍රමයන් ගැන අපට මින් පෙරද විවිද අවස්ථාවල අසන්නට ලැබුණා. නමුත් දැන් බැංකු පොතත්, කාඩ් පතත් දෙකම ගිණුම් හිමියා සතුව තිබියදි අති සූක්ෂමව ඔවුන්ටත් හොරෙන් ඔව්න්ගේ ගිණුමෙහි මුදල් සොරාගැනීමේ අලුත්ම ජාවාරමක් ගැන අසන්නට ලැබෙනවා.

පසුගිය අවුරුද්දෙහි අවසාන මාස කීපය තුල ලංකාවේ විවිධ ප්‍රදේශ වල ගිණුම් හිමියන්ගේ බැංකු පොත් වලින් නිතර නිතර මුදල් අඩු වීමක් ගැන පැමිණිලි ලැබුණු හෙයින් පොලීසිය විසින් විමර්ශන කරයුතු අරඹා තිබුණි. ඒ අනුව දංකොටුව, මාරවිල, නාත්තන්ඩිය, ගම්පොල නාවලපිටිය, කොච්චිකඩේ ආදී ප්‍රදේශවල රජයේ හා පුද්ගලික බැංකුවලින් ලබාගත් පරිගනක දත්ත හා CCTV කැමරා දර්ශනයන්ට අනුව පැහැදිලිවි ඇත්තේ පුද්ගලයින් කිපදෙනෙකුම මෙම ජාවාරමට සම්බන්ධ බවකි.

විවිධ බැංකු ATM ශාඛාවලට කාඩ් පත් හිමියන් ඇතුලුවත්වම එක්තරා පුද්ගලයෙකුද බැංකු නිලධාරීන්ට සමාන ලෙසකින් ඇඳ පැළඳ හැඳුනුම් පත සාක්කුවෙහි රැඳෙන පරිදි එල්ලාගෙන ඇතුළුවී ඇති බවකි. අදාළ බැංකු වලින් තහවුරු වූයේ ඔවුන් එම බැංකු නිලධාරින් නොවනා බවකි.

TM කුටියක CCTV කැමරාවක සටහන්වී තිබූ දර්ශනයක්

ඒ අයුරින් ඇතුලට පැමිණෙන ව්‍යාජ නිලධාරියා කාඩ් හිමියගෙන් Debit හෝ Credit කාඩ් පත ඉල්ලා එහි දෝෂයක් ඇතිදැයි පරික්ෂා කිරිමට යැයි කියා ඔහු සතු කුඩා ස්ක්‍රීමර් ඩිවයිස් යන්ත්‍රයකට කාඩ් පත දමා එහි විද්‍යුත් දත්ත හොර රහසේ පිටපත් කිරිමක් කරගන්නා බවට පසුව අනාවරණය කරගන්නා ලදි. ඉන් පසු ඔවුන් එම විද්‍යුත් දත්ත පිටපත් කරමින් ව්‍යාජ Debit හෝ Credit කාඩ්පත් සාදා සුපිරි වෙළඳසැල් අදියෙන් බඩු මිලට ගැනිම කර ඇත.

පොලිසිය විසින් මෙම ජාවාරම්කරුවන් රැහැනට හසුකරගැනිමට සිවිල් ඇඳුමින් සැරසී ගොස් අදාළ සොරකම් කල පුද්ගලයින් ව්‍යාජ කාඩ්පත් භවිත කරන අවස්ථා වලදී ඔවුන් අතඩංගුවට ගැනිමට සමත්වීමත් සමඟම මෙහි සුල මුල හෙළිවිය.
සැකකරුවන් තිදෙනා හලාවත හා මයිලකුලම පදිංචිකරුවන්විය. ඔවුන් ලඟ තිබී ස්ක්රීමර් ඩිවයිස්, එන්කෝඩර්යක් හා ලැප්ටොප් යන්ත්‍රයක් සොයාගෙන ඇත.

පොලීසිය විසින් පවසන්නේ මෙවැනි සොරුන් තවදුරටත් දිවයිනපුරා සමහරවිට දැනටත් සිටිය හැකි බවකි.

ආරක්ෂිත ක්‍රියාමාර්ග

ATM කුටි වලදි නිලධාරියෙකු විසින් ඔබේ කාඩ්පත ඉල්ලාසිටියහොත් ඔහුගේ අනන්‍යතාව හොඳින් විමසා බලන්න. කිසියම් සැකයක් ඇතිනම් වහාම අදාළ බැංකුවට හා පොලිසියටද පැමිණිලි කරන්න. තවද ඉන්ධනපිරවුම් හලකදි හෝ වෙනත් වේළඳසැලකදි වුවද ඔබේ ණය පත හෝ බැරපත දෑස් වලට හසුවන දුරකින් පමණක් සිට භාවිතා කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න.

එය ඔබට නොපෙනෙන තැනකට ගෙන යාමට ඉඩ නොදිය යුතුය. රහස් අංකයද කොතැනකවත් ලිඛිතව සටහන් කර තබා නොගන්නා ලෙසටද පොලිසිය විසින් හා ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය පොදුවේ මහජනතාව වෙතට දැනුවත්කිරිමක් හා අනතුරු ඇඟවීමක් ද කර ඇත. එයට අමතරව ගිණුම් හිමියන්ට ඇති හොඳම විකල්ප ආරක්ෂිත ක්‍රියාමාර්ගය නම් ඇතැම් බැංකු වලින් සපයන “SMS ALERT” සේවාවන්හි ලියාපදිංචි වී සිටීමයි. එවිට කිසිවකු විසින් හෝ ඔබේ ගිණුමෙහි මුදල් ලබාගන්නේ නම් ඒ බව ක්ෂණිකව ඔබට දැනගත හැකි වනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *